නාමල්ට බැන්නාට සනත් නිශාන්ත ලංසාව පතුරු ගහයි

  • By editor
  • October 27, 2023
  • 0
  • 110 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාට කුඩු ගංජා හා හෙරොයින් ගැන හසළ දැනුමක් ඇති හෙයින් නාමල් රාජපක්ෂ මහතා සමඟ විවාදයකදී නිසැක වශයෙන්ම ඒ පිළිබඳව ලංසා මහතා කර ජය ගනු ඇති බව අමාත්‍ය සනත් නිශාන්ත මහතා සදහන් කළේය.

එසේම එවැනි විෂයන් ගැන කිසිදු දැනුමක් නාමල් රාජපක්ෂට නොමැති බව ද හෙතෙම පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය නිමල් ලංසා මහතාද හේතුවක් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලංසා මහතාගේ නිවසේ මත්ද්‍රව්‍ය තිබිනු බවට ලද තොරතුක් මත ඔහුගේ නිවස වැටලීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු බේරා ගැනීමට මැදිහත් වූ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වු බවත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට සෘජුව බලපෑ හේතුවක් බවද කියා සිටියේය.

රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයක දී අමාත්‍යවරයා මෙම තොරතුරු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *