රනිල් වික්‍රමසිංහ අද වන විට රට ආර්ථික වශයෙන් රට යම් ස්ථාවර මට්ටමකට ගෙනවිත් තැයි විශ්වාස කරන නමුත් ඔහු සමඟ ප්‍රතිපත්තිමය ගැටළුවක් ඇතැයි ශ්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
කෙසෙවෙතත් ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව තුලින් පත් කරනු ලැබුවේ හොඳම විකල්පය ලෙස බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පලකලේය. රනිල් වික්‍රමසිංහගේ ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා අවශ්‍ය නායකත්වය පාර්ලිමේන්තුවේදී ලබා දීමට තමන් කටයුතු කරන බවද හෙතෙම එහිදී තවදුරටත් පැවසීය