නාමල් විදුලි බිල ඉල්ලුවාට දුන්නේ නෑ – සාගර කාරියවසම් සුදු හුණු ගායි

  • By editor
  • August 8, 2023
  • 0
  • 117 Views

තමන්ගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ගෙවිය යුතු විදුලි ගාස්තුවක් ඇති නම් අදාල බිල්පත නිකුත් කරන්නැයි නාමල් රාජපක්ෂ දිගින් දිගටම ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

නමුත් විදුලි බිල නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර නොමැති නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ද හෙතෙම පැවසීය.

ඒ අනුව මෙය කිසියම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ලෙස හඳුනාගත හැකි බවද ලේකම්වරයා කියා සිටියේ ය.

කෙසෙවෙතත් එවකට විදුලි බල අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ රවී කරුණානායක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *