නාලක ගොඩහේවා නිසා සජබය ඇවිලෙයි

  • By editor
  • January 17, 2024
  • 0
  • 130 Views

පර්ලිමෙන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සමගි ජනබලවේගයට එක්වීම හේතුවෙන් දැනට එම පක්ෂයේ ආර්ථික වැඩපිලිවෙල ගැන උනන්දුවක් දක්වන මන්ත්‍රීවරුන්ගේ දැඩි විරොධයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දිනක නාලක ගොඩහේවා මහතා සදහන් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ආර්ථික දැක්ම පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවය.

කෙසෙවෙතත් නාලක ගොඩහේවා මහතාට අකැමති පිරිසක් ඉදිරියෙදි එජාපයට සම්බන්ධවීම සඳහා විවිධ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.

දැනට පක්ෂය තුල කලකිරීමකට පත්ව සිටින මෙම මන්ත්‍රී පිරිස තීරණාත්මක මොහොතකදී එජාපය සමග එකතුවීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *