නැනෝ පොහොර මගඩියේ සී.අයි.ඩී. ෆයිල් ඇවිස්සෙයි

0
213

චූදිතයින් රනිල් ළග නැමෙයි නැනෝ පොහොර මෙරට ගෙන්වීමට කටයුතු කරන බව පවසමින් මූල්‍ය වංචාවන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන කටයුතු නැවත ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ පරීක්ෂණ යළිත් ආරම්භ කිරීමත් සමග එම වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගයින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හමුවීමට පැමිණ ඇති බවද, අගමැති කාර්යාලයේ ආරංචිමාර්ග පවසයි.
ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සදහා මෙසේ අගමැතිවරයා වෙත සමීපවෙමින් සිටින බව ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. නැනෝ නයිට‍්‍රජන් පොහොර මෙරටට ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමට පෙර, අමාත්‍ය මණ්ඩල සංදේශයේ ආනයනකරු ලෙස සදහන් කොමර්ෂල් පොහොර සමාගම මගින් ආනයනය සිදු නොකොට අතර මැදියාගේ පුද්ගලික ගිණුමට භාණ්ඩාගාරයේ මුදල් බැර කර එම පුද්ගලයා ආනයනකරු බවට පත් කිරීම කළ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා හා එම කටයුත්ත ට ආධාර කරමින් රාජ්‍යය මූල්‍ය බලය අවභාවිත කළ හිටපු භාණ්ඩාගාර ලේකම් ඇස්. ආර්. ආටිගල මහතා එකී වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගෙන ඒමට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම ප‍්‍රශ්න කළ හැකි බව වාර්තා වේ. එකී ක‍්‍රියාවලිය පසුව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමත කර ගැනීම සිදු වී ඇති අතර ඒ මගින් ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොමැතිව එම අනීතික කටයුත්ත ඔවුන් විසින් කරන ලද බව තහවුරු කර ඇත. මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන ලද පරීක්ෂණ අනුව නීතිය ඉදිරියට නොගොස් ඇති හෙයින් එය ප‍්‍රශ්න කළ හැකිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here