නැවත විදුලි කප්පාදුවක්?

  • By editor
  • April 22, 2023
  • 0
  • 164 Views

මේ දිනවල පවතින නියඟය දරුණු අතට පත්වීමත් හා දැඩි උණුසුමත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ යමින් පවතින තත්ත්වය හේතුවෙන් යළිත් විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් මතුව ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සදහන් කරයි.

සාමාන්‍ය දිනවල මෙරට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 40 ක් මට්ටමේ පැවතියත් ඊයේ (20) වනවිට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය පනහ දක්වා වැඩිවී තිබුණි.

මේ අතර විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ද සඳහන් කර ඇත්තේ මෑත කාලයේදී වාර්තා වූ ඉහළම දෛනික විදුලි ඉල්ලුම පෙරේදා (19) වාර්තා වූ බවයි. ඒ ගෙගාවොට් පැය 49.53 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *