නිදහස් දින සැමරුමේදී ජනපති, ජනාධිපතිනිය වෙයි

  • By editor
  • February 4, 2024
  • 0
  • 215 Views

‘හදමු අලුත් රටක්’ යන තේමාවෙන් 76 වැනි නිදහස් දින සැමරුම අද කොළඹ ගාලුමුවදොර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙනි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා ද සහභාගි විය.

කෙසෙවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සනිටුහන් කරමින් එහි නිවේදකයා ප්‍රථමයෙන් සදහන් කළේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිනිය’ යනුවෙන් වීම කාගේත් කතාබහට ලක්වූ කරුණක් විය.

නිදහස් දින උත්සවයේ නිවේදන කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ T.K.D ජයන්ත මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *