නිමල් සිරිපාල එක්ක වැඩ කරන්න බෑ – නිමල් සිරිපාල ගේ කූට වැඩ ගැන කියන්න රාජ්‍ය ඇමති හෙට මාධ්‍ය හමුවක

  • By editor
  • August 21, 2023
  • 0
  • 161 Views

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තමන්ට එම රාජ්‍ය අමාත්‍යංශයේ වැඩ කිරීමට බාධා කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙට (22) මාධ්‍ය හමුවක් කැදවා ඇත.

මෙම මාධ්‍ය හමුව වරාය හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතව ඇ

නිමල් සිරිපාල ද සිල්වා විසින් සිදුකළ බව කියන වරාය අධිකාරියට අයත් ඉඩම් විකිණීම මෙන්ම කොමිස් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ද එහිදි කරුණු දැක්වීමට නියමිත බව ප්‍රේමලාල් ජයසේකර සදහන් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන අතර නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබයි.

කෙසෙවෙතත් පසුගිය දා නුවරඑළියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවති ක්‍රිකට් තරගාවලිය සදහා රාජ්‍ය අමාත්‍ය කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රේමලාල් ජයසේකර සහභාගී වී ඇති අතර එහිදී ද මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *