නිලූක කරුණාරත්න බැට්මින්ටන් වලට සමු දෙයි

  • By editor
  • October 1, 2023
  • 0
  • 82 Views

ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න බැට්මින්ටන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

නිලූක කරුණාරත්න අවස්ථා තුනක දී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රධානතම බැට්මින්ටන් ක්‍රීඩකයා වේ.

අන්තර්ජාතික ජයග්‍රහණ විසි හතරක් මේ දක්වා නිලූක කරුණාරත්න දිනාගෙන සිටින අතර මහද්වීප පහේම රන් පදක්කම දිනා ගත් මු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද ඔහුය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) මූලස්ථානයේ පැවති සංසදයක දී නිලූක කරුණාරත්න සිය සමුගැනීම නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *