නිවැරදි ඇස්තමේන්තු නොසලකා එකම ඖෂධය එකම සමාගමින් විවිධ මිල ගණන්වලට තෙවරක් ඇනවුම් කරලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉල්ලයි.

  • By editor
  • February 16, 2024
  • 0
  • 89 Views

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකම ඖෂධය එකම සමාගමින් විවිධ මිල ගණන්වලට සීමාව ඉක්මවා ඇනවුම් කිරීම නිසා දැනට ලංකාවට ළඟා වී ඇති එම ඖෂධ භාර ගැනීමට වෛද්‍ය සැපයුම් ඒකකය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වී තිබේ.

එම හේතුවෙන් මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ ඖෂධ සැපයුම් ජාලය සහමුලින්ම බිඳවැටීමේ අවධානමක් ඇතිව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංචිව මහතා අනාවරණය කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත අතිරේක ලේකම් සමන් රත්නායක හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර යන මහත්වරුන්ගේ පාලන කාලයේ දී අවශ්‍ය කරන ඇස්තමේන්තුගත ඖෂධ ප්‍රමාණයන් නොසලකමින් මෙම ඇණවුම කර තිබෙන බවද හෙතෙම පවසයි.

වාර්ෂික සාමාන්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදය යටතේ රාජ්‍ය ඖෂධ සංස්ථාව අඩු මිලට ද, එම සමාගමෙන්ම හදිසි මිලදී ගැනීමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍ය මිල මෙන් ඉහළ මිල ගණන්වලට ද, එම ඖෂධයේම එම සමාගමින් හෝ වෙනත් සමාගම්වලින් සියානු සංවර්ධන බැංකුවේ ණයෝජනා ක්‍රමය යටතේ තවත් අතිරේක ඇස්තමේන්තුගත තොග ද
කන්වීම නිසා ඇතැම් ප්‍රතිජීවක ඖෂධ සහ ඖෂධ වර්ග රටට අවශ්‍ය කරන ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් මේ වන විට රට තුළ ගොඩ ගැසී ඇති බව තහවුරු වෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

දැනට වැලිස කන්ටේනර් පර්යන්තයක පවතින රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ආනයනය කරන ලද ඉමිපෙනම් නම් ප්‍රබල ප්‍රති ජීවක ඖෂධය බෙහෙත් කුප්පි 3 75 000 ප්‍රමාණය හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න වන අතර එහිදී එන්නත් කුප්පියක් රුපියල් හාරසිය පනහ බැගින් ආනයනය කොට ඇත.

එම සමාගමෙන්ම හදිසි මිලදී ගැනීම් ලෙස එන්නත් කුප්පි ගෙන්වීමේ දී එන්නත් කුප්පියක් රුපියල් 2250 බැගින් ආනයනය කොට ඇත.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ නව යෝජනා ක්‍රමය යටතේද තවත් එන්නත් කුප්පි විශාල ප්‍රමාණයක් රටට අනඇණය කිරීමට සැලසුම් සකස් කර තිබිණි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත පද්ධතිය කාර්යක්ෂම ලෙස කටයුතු නොකිරීම නිසා රටට අවශ්‍ය කරන ඇස්තමේන්තුගත ඖෂධ තොග පිළිබඳව ප්‍රමාණාත්මක අගයක් ලබා ගැනීමද දුෂ්කර වී ඇති අතර එකම ඖෂධය නැවත නැවත විවිධ මිල ගණන්වලට ඇනුම් කිරීම වර්තමාන සෞඛ්‍ය පරිපාලකයන් විසින් නිවැරදි නොකිරීම නිසා රටේ ඖෂධ අර්බුදය වැඩිවර්තනය වන බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් විසින් සිදුකළ වැරදි නිවැරදි කොට ඖෂධ සැපයුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ගේ වගකීම වුවත් ඔවුන් නිසි පරිදි වගකීම ඉෂ්ට නොකරන බවද වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.

මෙවන් තත්ත්වයක් තුළ වර්තමාන ඖෂධ සැපයුම් ජාලය බිඳවැටීමට බලපාන හේතු වූ හා වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවන් සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීම සඳහා 2019 -2023 කාලසීමාවට අදාළව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *