සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න සහගත තත්වයක් උද්ගතව පවතින ඒවා සම්බන්ධව නිසි පරිදි මින් විමර්ශන සිදු නොවීම නිසා නිලධාරීන් අඛණ්ඩවම හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා ප්‍රශ්න සහගත ගනුදෙනු වලට යොමු වන බවත් මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇතත් ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් සක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවීම නිසා නිලධාරීන් බිය සැක නැතිව ප්‍රශ්න සහගත ටෙන්ඩර් ගනුදෙනුවලට යොමු වීම ගැන පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් බව වෛද්‍ය විල්ල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජනාධිපති ලේකම්වරයා වෙත අවධාරණය කොට සිටියි.
නිසි ක්‍රමවේද යටතේ වෛද්‍ය සැපයුම් අංශයට මීට පෙර ඇනුම් කර ලද ඉන්සියුලින් තොග හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉන්සුලින් තොග ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
2023/SPC/E/R/P/00159, DHS/RP/ EP/ 520 /2023 අංක යටතේ මෙම හදිසි ඉන්සියුලින් කුප්පි ලක්ෂ හතර හමාරක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඔහුගේ මට්ටමින් ප්‍රසම්පාදන කමිටු පත්කොට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. එක එන්නත් කුප්පි යා රුපියල් හයසිය බැගින් මෙම එන්නත් කුප්පි ලක්ෂ හතර හමාර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 270 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙවීමට සිදුවෙයි.
MS MEDELA COLOMBO නම් ඖෂධ ආයතනයක් මෙහි සැපයුම්කරුවා ලෙස තෝරාගෙන ඇත.
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රශ්න සහගත බවත් අවම වශයෙන් මෙම ඖෂධ ගෙන්වීම සඳහා බැංකු ඇපකරයක් පවා තබා ගැනීමකින් තොරව දල් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති බවද ඒ සම්බන්ධව රාජ්‍ය ඖෂධ සංස්ථාව නිකුත් කොට ඇති ලිපියක සඳහන් වේ. එසේම අදාළ ලිපියට අනුව මෙම ඉන්සියුලින් එන්නත් කල් ඉකුත් වීමට ආසන්න දැයි සැක සහිත ප්‍රකාශයක් ද අඩංගු වෙයි.
ප්‍රසම්පාදන කමිටුව මගින් ලබා දී ඇති උපදෙස් වලට අනුව මෙම ඉන්සියුලින් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීම හෝ කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ මෙරටට ගෙන්වීම ප්‍රශ්න සහගත බව රාජ්‍ය ඖෂධ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් යළි විමසීමක් සිදු කොට ඇත.
මීට පෙර ඇනුම් කන ලද ඉන්සියුලින් තොග මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී මින් පවතින අතර ඊට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ද වෛද්‍ය සැපයුම් ඒකකය ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් ඉදිරි දිනවලදී ලබාදීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිසි ක්‍රමවේදය යටතේ කල් ඇතුව ඖෂධ දැනුම් කිරීම වෙනුවට දිගින් දිගටම හදිසි කවුද ඇණවුම් කිරීමට උත්සාහ කිරීම හරහා රටට අහිමි වන අති විශාල මහජන බදු මුදල් සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම පෙන්වා දෙද්දී තේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගේ අවදානය යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස නිලධාරීන් බිය සැක නැතිව මෙවැනි ප්‍රශ්න සහගත ගනුදෙනු සිදු කරන්නේ දැයි විමර්ශනය කිරීමේ ජනාධිපති ලේකම්වරයාගේ වගකීම බවත් ඒ සම්බන්ධව ඉදිරි දිනවලදී ජනාධිපතිවරු ලේකම්වරයා හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසීය.