නීතිඥයින් පිරිසක් ගුටි කෙළියක – නීතිඥයින් 05ක් අධිකරණයට

  • By editor
  • February 1, 2024
  • 0
  • 166 Views

ජ්‍යේෂ්ඨ නීතිඥවරියක සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ආධුනික නීතිඥවරයෙකුට මහමගදී පහරදුන් තවත් නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු 5 දෙනෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර ඇත.

බහින්බස්වීම සිදු වූ ජ්‍යේෂ්ඨ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී අදාළ සැකකාර නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බව තරුණ නීතිඥවරයා පැමිණිල්ලේ සදහන් කර තිබේ.

එහිදී ඔවුන් විසින් ජ්‍යේෂ්ඨ නීතිඥවරියගෙන් සමාව ගන්නා ලෙසට තමන්ට තර්ජනය කළ බවත් ඒ අනුව තමන් එම ජ්‍යේෂ්ඨ නීතිඥවරියගෙන් සමාව ගැනීමෙන් අනතුරුව නැවත අධිකරණ භූමිය වෙත ගෙනවිත් දැමූ බවත් ඔහු සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *