නීතිපතිගෙන් සහ පොලිසියෙන් සාධාරණයක් ඉටු වෙන්නේ නෑ –  ආණ්ඩුවේ මැති ඇමතිවරු පවසති

  • By editor
  • January 27, 2024
  • 0
  • 75 Views

අරගලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනහකට අධික සංඛ්‍යාවක නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නීතිපතිවරයාට සිය බරපතල විරෝධය පලකර ඇත. 

ඒ අණ්ඩු පක්සයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සකච්චාකිරීමට මෙම රැස්වීම කැඳවා තිබුනි.

එම රැස්වීමට නීතිපතිවරයා සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරද කැඳවා තිබුනේ පනතේ අරමුණු සම්බන්ධයෙන් කරුණු දැක්වීමටය . මෙහිදී සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් අරගලයේ ගෙවල් ගිනි තැබීම් පිළිබඳව සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත්කළද නීතිය ල්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සිය විරෝධය පලකළහ.

ඊට පිළිතුරු ලබාදෙම්න් නීතිපතිවරයා කීවේ ලැබී ඇති පැමිණිළි සම්පූර්ණ නැති බවය. ”සාක්ෂි නැති නිසා සමහර පැමිණිළි ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඒ හින්දා නඩු පවරන්න බෑ” නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

එම ප්‍රකාශයට විටෝධය පලකළ මැති ඇමැතිවරු පෙන්වාදුන්නේ පොලිසිය නිසිපරිදි සිය රාජකාරිය ඉටුකර නැතිබවය. පොලිසිය මෙන්ම නීතිපති දෙපාතමේන්තුවද දැඩි සේ මැති ඇමතිවරුන්ගේ විවේදනයට ලක්විය. මැති ඇමතිවරු පැවසූවේ ඉදිරියේදීවත් සාධාරණය ඉටුවේදැයි සැක සහිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *