නීති විභාගයේදි හොර වැඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැන පරීක්ෂණ 

  • By editor
  • October 27, 2023
  • 0
  • 250 Views

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටි දකුණු පළාත නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අදාළ විභාගය දී පිළිතුරු සටහන් තොගයක් ළඟ සභා තබාගෙන පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා සටහන් තොගයක් ලඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇතැයි තොරතුරු හෙළි වීමත් සමග පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණ වලක්වා ගැනීමට එම මන්ත්‍රීවරයා දේශපාලඥයන් පසුපස යමින් දැඩි උත්සාහයක් දරමින් සිටින්නේ යැයි ද දැනගන්නට ඇත.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *