නීති විරෝධී ගිණි අවි ගැන ඔත්තු දුන්නොත් ලැබෙන තෑග්ග මෙන්න

  • By editor
  • June 25, 2023
  • 0
  • 185 Views

දිවයින පුරා නිරන්තරයෙන් වාර්තා වන අපරාධ මැඩපැවැත්වීම සඳහා දිවයින තුළ සංසරණය වන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සදහා සියලුම පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් ත්‍යාග මුදලේ වටිනාකම වැඩිකිරීමට තීරණය කර තිබේ.

අමාත්‍ය ටිරාන් අලස් ගේ උපදෙස් මත පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිපියක් යොමුකරමින් මේ බව සදහන් කර තිබේ.

ඒ අනුව අද (25) සිට ලබන ජූලි 31 වනදා දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම් සඳහා මෙම ත්‍යාග මුදල් ගෙවීම සිදුකරන බව පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියෙහි සඳහන් වෙයි.

පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින්, නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නීරීක්ෂණය වන බවත්, මෙම තත්ත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් වන බවත් පොලිස්පත් සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

සඳහා සියලුම පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීමටත්, මාසයක කාලයක් සඳහා මුදලේ වටිනාකම වැඩිකිරීමටත් තීරණය කර තිබේ.

එම ලිපිය හා ත්‍යාග පිළිබද විස්තර පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *