කාන්තා විනිසුරුවරියන්ට සහ නීතීඥවරියන්ට අධිකරණ කටයුතු වලදී සායක් සහ බ්ලවුස් හෝ කලිසම් ඇඳීමට අවසර ලැබී තිබේ.
මෙම සතියේ ගැසට් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නීති සංශෝධන අනුව නව ඇඳුම් කේතය ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව සුදු, කළු, අළු, ළා දම් පැහැති සාරිය සහ හැට්ටය එක් විකල්පයක් ලෙසත් කළු කලිසම සුදු බ්ලවුස්, කළු කබාය සහ සපත්තු තවත් විකල්පයක් ලෙසත් කළු සාය හෝ සුදු බ්ලවුස් සහ කළු පැහැති කබාය සහ සපත්තු තවත් විකල්පයක් ලෙසත් හඳුන්වා දී ඇත.
ඒ අනුව, කලිසමේ දිග වළලුකර දක්වා දිගු විය යුතු අතර වාඩි වී සිටින විට සායේ දිග දණහිසට පහළින් විය යුතුය. කමිසය හෝ බ්ලවුසය ඉහළ කර සහ දිගු අත් සහිත විය යුතු බවට සදහන් වේ.
අදාල ගැසට් නිවේදනය පහතින්.
