නුවරඑළිය රෝහලේ අක්ෂි සැත්කම් වලින් 70ක් අන්ධභාවයට පත්වෙලා – රෝහල් අධ්‍යක්ෂක අසත්‍ය තොරතුරු කියනවා

  • By editor
  • May 19, 2023
  • 0
  • 149 Views

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් සිදුකර අක්ෂි ශල්‍යකර්ම වලින් මුලුමනින්ම අන්දභාවයට පත් වූවන් 10ක් නොව 70කට ආසන්න බවට තොරතුරු වාර්තා වේ.

සර්ව ආගමික නායකයින් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදි මාධ්‍යට අදහස් දක්වමින් ඒ බව සදහන් කර සිටියේ ය.

රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් අසත්‍ය තොරතුරු වාර්තා කරන බවත් වැඩිදුරටත් සදහන් කළේය.

ශාස්ත්‍රපති ගුරු උපදේශක පූජ්‍ය බෝගොඩ සුමේදාලංකාර හිමි , ආචාර්ය බ්‍රම්ම ශ්‍රී නන්දකුමාර් ගුරුක්කල් තුමන් , මොහොමඩ් අන්වර් අස්ලම් ඉර්ෂාදි මවුලවි තුමන්  ,ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන පූජක දේවගැති හසිත කුමාර පූජක තුමන් සහ අන්තර් ආගමික කවයේ සාමාජික එම්.අයි.එම්.ඉම්තියාස් මෞලවි තුමන් මෙම අවස්තාවට සහභාගි වීය.

වැඩිදුර අදහස් දක්වමින් –

‘නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික නායකවරුන්ගේ ප්‍රධානීන් කියා අප්‍රේල් මාසය තුළ සැත්කම්වලින් පසු බෙහෙත් වැරදි සංකූලතා ඇති වුවත් 10-11 වශයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියද එය මුළුමනින්ම බොරුවක් අපට ලැබුණු තොරතුරු අනුව එම ප්‍රමාණය හැටක් හැත්තෑවක් වෙනවා,

රෝහල් අධ්‍යක්ෂවරයා තොරතුරු සඟවා මාධ්‍යයට ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක්’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *