මේ වනවිට කාගෙත් කතාබහට ලක් වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන අදහස් පල කර තිබේ.
පඩුකරද ගස එම ස්ථානයේ ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත බවය.
ඒ වෙනුවෙන් පඩුකරඳ ගස් දෙසීයක් සිටුවීමටද කැබිනට් මණ්ඩලය අනුමත කළ බවද වැඩිදුරටත් ඔහු පැවසීය.