පරිප්පු සමාගමකින් පොලිසියට බැලුම් අරගන්නට යයි.

  • By editor
  • March 21, 2024
  • 0
  • 59 Views

බීමත්ව රිය පදවන රියදුරන් හදුනාගෙන නීතිමය පියවර ගැනීම සඳහා භාවිතා කරන බැලුන් 150,000 ක් මිලදී ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව කැඳවා ඇති ටෙන්ඩරයකට අනුව මීට පෙර බැලුම් සැපයූ සමාගම් ඉවත් කර ලංකාවට පරිප්පු ආනයනය කරන සමාගමට එම ටෙන්ඩරය ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් සූදානම් වන බවට වාර්තා වේ.

පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මෙම ටෙන්ඩරය විනිවිධ භාවයකින් සිදු කරන ලෙසට පැවති සාකච්ඡාවකදී දැනුම්දී ඇතත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම මත එම ටෙන්ඩරය පරිප්පු ආනයනය කරන සමාගමකට ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කරයි.

බැලුම් එක්ලක්ෂ පනස් දහසක් මෙලෙස මිලදී ගැනීමට නියමිතය. දැනට දිවයින පුරා පොලිස් ස්ථානවලට ඇත්තේ බැලුම් දස දහසක් පමණි. බැලුම් අවසන් වුවහොත් මත්පැන් පානය කර රිය ධාවනය කරන සියලුම රියදුරන් වෛද්‍යවරුන් හමුවට පැමිණවිය යුතු අතර එම නිසා ඇතැම් රථවාහන පොලිස් නිළධාරින් රියදුරන් අත්අඩංගුවට ගැනීම මගහරිමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *