පස් හැවිරිදි දරුවාගේ ජීවිතයට තිත තියපු තණකොළ කපන්නා

  • By editor
  • June 9, 2023
  • 0
  • 97 Views

තලාහේන හල්බරාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වැඩ බිමක පස් හැවිරිදි දරුවෙක් මියයාමේ සිද්ධියේ එම දරුවා මියගොස් ඇත්තේ තණකොළ කපන යන්ත්‍රයක තලයක් වැදීමෙන් සිදු වූ බරපතල කැපුම් තුවාල හේතුවෙන් බවට කරුණු අනාවරණය වේ.

ඊට අදාලව තණකොළ කපන පුද්ගලයා අද (9) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය සදහන් කළේය.

නොසැලකිලිමත් ක්‍රියාවකින් දරුවාගේ මරණ සිදුකර,ඒ සම්බන්ධයෙන් පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී  අසත්‍ය කතාවක් නිර්මාණය කිරීම  සම්බන්ධයෙන් එම සැකකරු  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලිසියට පවසා ඇත්තේ දරුවා වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේ දී ඔහු බෝතලය මතට වැටී තුවාල ලැබු බවට ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ තලාහේන හල්බරාවේ පදිංචි ජොනිත් මාර්ක්  ෆෝන්සේකා නමැති දරුවෙකි.

ඔහුගේ තණකොළ කපන යන්ත්‍රය දෝෂයක් නිසා එය එහි බිම තබා  කිහිපවරක්ම ක්‍රියාත්මත කළ බවත්, එම අවස්ථාවේ එය වේගයෙන් ඉදිරියට ඇදී ගොස් තලය අසල තිබු හිස් මත්පැන් බෝතලයේ වැදී එය බිදී ගිය බව සැකකරු සදහන් කර තිබේ.

තමා යන්ත්‍රය ඔසවා පැත්තට ගත් අවස්ථාවේ ඒ අසලින් සිට සිද්ධිය බලා සිටි දරුවාගේ උදරයේ තලය වැදී උදර ප්‍රදේශය බරපතල ලෙස කැපී ගිය බවට එම සැකකරු වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *