මෙතෙක් පැවති 8800ක පළාත් පාලන මන්ත්‍රීධූර සංඛ්‍යාව 4800ක් බවට පත් කරමින් පළාත් පාලන සීමා නිර්ණ කමිටුව විසින් සීමා නිර්ණය කර තිබේ.
ඊට අදාල අවසන් නිල වාර්තාව පළාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත බාරදීමට නියමිතව ඇති අතර එම වාර්තාව ගැසට් කළ පසු එහි ඇති දෝෂ නිරාකරණය කිරීමට සමාලෝචන කමිටුවක්ද පත් කිරීමට නියමිතය.
මෙය මෙරට පළාත් පාලන නීතියට ඇතුළත් වූ පසු දැනට නාම යෝජනා භාර ගෙන ඇති පළාත් පාලන මැතිවරණයේ සියලු නාමයෝජනා අහෝසි වීමේ තත්ත්වයක් මතුව තිබේ.
ඒ අනුව නව සීමා නිර්ණයට අනුව පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇත.