පළාත් සභා වාහන 270ක් අතුරුදන්

  • By editor
  • April 8, 2023
  • 0
  • 128 Views

විසුරුවා හැර ඇති පළාත් සභාවල වාහන දෙසිය හැත්තෑවක් පමණ මේ වන විට අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

දැනට මෙම වාහන භාවිතා කරන්නේ කවුරුන් විසින් කුමන රාජකාරියක් සදහා ද යන්න පිලිබද තොරතුරු නොමැති බව දන්වමින් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව විගණනයක් ඉල්ලීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

පළාත් සභාවක මහ ඇමතිවරයාට වාහන හතරක් ද, සභාපතිවරයාට වාහන තුනක්ද, පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනෙකුට වාහන දෙක බැගින්ද සභා නායකට හා විපක්ෂ නායකට වාහනය බැගින් ද හිමි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *