ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයේ නිරත වීමට නියමිතය. ඒ අනුව එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහු සිකුරාදා (ජූලි 28) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත අතර ජූලි 29 උදෑසන දක්වා මෙරට රැඳී සිටිනු ඇතැයි එම වාර්තා සඳහන් කර ඇත.
එම කෙටි සංචාරයකදී ප්‍රංශ ජනාධිපතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව ද වාර්තා වේ.
කෙසෙවෙතත් මෙම සංචාරය පිළිබඳව ප්‍රංශ ජනාධිපතිවරයා පෙර දැනුම් දීමක් සිදු කර නොමැති බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.