ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ දී නෑ – ජාතික විගණන කාර්යාලය

  • By editor
  • April 10, 2023
  • 0
  • 121 Views

ප්‍රතිලාභී පවුල් 10,000ක ට අධික පිරිසකට බෙදාදීම සදහා මිලදීගෙන තිබූ කෝටි ගණනක් කෘෂි උපකරණ පසුගිය වසරේ ජනවාරි 25 වැනිදා වනවිටත් ප්‍රයෝජනයට නොගෙන  ගබඩා කර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මෙම කෘෂි උපකරණ මිලදී ගෙන ඇති අතර ඊට උදලු තල 2670ක්ද උදලු මුල්ලු 6102ක්ද සවල් 6102ක් හා  මල් බාල්දි 5929ක් අයත් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා බෙදා දීමට  2020 වර්ෂයේදී  මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ හැත්තෑ පහකට වැඩි වටිනා කෘෂි උපකරණ කට්ටල 1880ක්ද ප්‍රතිලාභීන්ට ලබා නොදී ගබඩාවල රඳවා තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *