ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි ගෙනා සමාගම් ලොක්කා අත්අඩංගුවට 

  • By editor
  • November 1, 2023
  • 0
  • 72 Views

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් කුප්පි ආනයනය කල සමාගමේ ශ්‍රී ලාංකික හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරී විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජානක ප්‍රනාන්දු නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *