ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රකාශයක් නිසා ඇමති රොෂාන් කරන්න යන දේ

  • By editor
  • November 17, 2023
  • 0
  • 32 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්  විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදී වැළැක්වීමේ පනත  ප්‍රකාරව මෙම පරීක්ෂණය සිදුකරන ලෙසට එමගින් ඉල්ලා සිට ඇත.

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13වනදා නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයකට අදාළව අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

එමගින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට අනුව තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *