ප්‍රසන්නටත් ඇමරිකාව තහනම් වෙයි

  • By editor
  • October 22, 2023
  • 0
  • 109 Views

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පැවැත්වෙන නඩුවක් නිසා ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වී ඇති බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාල විසින් දැනුම්දී තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට ඇමරිකානු සංචාරයක් සදහා වීසා ලබාදීම අසීරු බව ද දන්වා තිබේ. ඊට හේතුව ලෙස දන්වා ඇත්තේ යුද සමයේ ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් එල්ලවන චෝදනා බව ද ඔවුන් වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඇමරිකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුනගේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා මෙම දෙදෙනා නම් කර තිබූ අතර එහි සභාපති ධූරය දරනු ලබන්නේ ප්‍රසන්න රණතුංග වීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් වීසා ප්‍රතික්ෂේප වීමත් සමග ඔවුන් දෙදෙනාම ඇමරිකානු සංචාරය ඉවත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *