පාකිස්තානයේ බාජූර් හී ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද දේශපාලන රැළියකට එල්ල වු බෝම්බ ප්‍රහාරයෙන් 44ක් මිය ගොස් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
එමෙන්ම තුවාල ලැබූවන් අතරින් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත සංවිධානය හෝ ප්‍රහාරයේ අරමුණ තවදුරටත් තහවුරු වී නොමැති බවය.