වරාය අධිකාරිය භාරයේ තිබූ පරිප්පු කන්ටේනර දෙකක් අතයට ගනුදෙනුවක් මත පාතාල කල්ලි සාමාජිකයින් විසින් විකුණා දැමීම් සිද්ධියක් වාර්තා වෙයි.
මෙම පරිප්පු කන්ටේනර දෙක කොළඹ වරායේදී විකිනීමේදී සිදු කෙරුණ අතර අත යට ගනුදෙනුවක් මත පරිප්පු කිලෝවක් රුපියල් 110කට විකුණා දැමීමට සංවිධානාත්මක කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ. ටෙන්ඩර ක්‍රමයට මෙම පරිප්පු කන්ටේනර දෙක වෙන්දේසි කිරීමට සූදානම් කර තිබුණි. එහෙත් පාතාල කල්ලි සාමාජිකයින් විසින් වෙනත් අයට ඩෙන්ඩරය ලබා නොදී රුපියල් 110ට පරිප්පු කිලෝග්‍රෑම් පනස් දහසක් මිලදී ගෙන ඇත.
එම මොහොතේම මෙම කල්ලි සාමාජිකයින් පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 138 බැගින් වෙනත් ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති බවද වරාය ආරංචිමාර්ග සදහන් කරයි.
කටවහන චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වර්ජනයක්
සෞඛ්‍ය වෘත්තීය සමිතිවල අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය සහ වෙනත් අයිතිවාසිකම් මර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය හකුලා නොගතනොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අගවයි.
එම චක්‍රලේඛය නිකුත් කළ දිනම සෞඛ්‍ය වෘත්තීය සමිති 60ක් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කර ඇත්තේ සදුදා දින හෝ ඊට පසුව සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබානොදුනහොත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඊට වෛද්‍ය, හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා, සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල, සෞඛ්‍ය ගිලන්රථ රියදුරන් ඇතුළු සමස්ත සේවාවන් එක්ව සිටිති.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ චක්‍රලේඛය වහා හකුලා ගන්නා ලෙසත්, එසේ නොවන්නේ නම් පළමු අදියරේදී වෘත්තීය සමිති කොළඹට කැදවා විරෝධතාවයක් පවත්වන බවත් වෘත්තීය සමිති නියෝජිතයින් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.
බහුකාර්ය දෙපාතමේන්තුවට හමුදා පාලනයක් එපා
බහුකාර්ය දෙපාර්තමේන්තුවෙන් හමුදා නිලධාරීන් ඉවත් කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි බහුකාර්ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේදී අට ශ්‍රේණිය සමත් තිස් අටදහසකට රැකියා ලබාදීම සදහා මෙම බහුකාර්ය දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරිණි. එලෙස බදවා ගත් තරුණ තරුණියන් හමුදා පාලනය නිසා සේවයෙන් ඉවත් වන බව සම්බන්ධීකරණ කමටු සභාපතිවරුන් පෙන්වාදී තිබේ.
තවද බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා හැර අනෙකුත් ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියා කළාපයද මෙම සභාපතිවරුන් විසින් විවේචනයට ලක් කර තිබේ. තමන්ට ලබාදී ඇති නිල රථ අබලන් වුවහොත් යළි අලුත් වැඩියා කරගැනීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මිදල් නොමැතිවීම, ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නොවීම පිළිබදවද දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙහිදී චෝදනා එල්ල කර ඇත.
බන්ධුලගේ කථාවට රේනෝ රැවටෙයි
ලේක්හවුස් ආයතනයට පනවා ඇති ක්‍රිකට් වාරණ නියෝගය පිළිබදව ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝද සිල්වාට ලැබීමෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව මඩ ගැසීමට ඔහු සූදානමින් සිටි බව වාර්තා වෙයි.
ඇමැති බන්දුල ගුණවර්ධන ලේක් හවුස් ආයතනයට පවරා ඇති ක්‍රිකට් වාරණය පිළිබද කැබිනට් මණ්ඩලයේදී අදහස් පල කළ අතර එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ ඔය පිළිබදව මෙම ස්ථානයේදී කතා කිරීම අනවශ්‍ය බවයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා සමග හිරු මාධ්‍ය ජාලය මේ වන විට ඇතිකරගෙන ඇති විරසකභාවය පිළිබදව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කතා කිරීමට යාමේදී ජනාධිපතිවරයා ඊට හරස් කැපූ බව හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාට කිසිවෙකු ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබද උරණ වූ ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව ප්‍රවෘත්ති පළ කිරීමට පටන් ගෙන ඇති අතර ජනාධිපති කාර්යාලය නිවරදි කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව තමන්ට ලැබී ඇත්තේ වැරදි තොරතුරුක් බව රේනෝ ද සිල්වා තේරුම් ගැනීමෙන් පසුව යළි ජනාධිපතිවරයාට පක්ෂපාතී ප්‍රවෘත්ති පළ කිරීමට කටයුතු කරමින් සිටී.
යුධ හාමුදාව ගජබාකරණය කිරිමේ උත්සහයක්
මීළඟ යුද හමුදාපති ලෙස යළිත් වරක් ගජබා රෙජිමෙින්තුවට අයත් නිලධාරියකු පත් කිරීමේ මෙහෙයුමක් ආරම්භක කර ඇතිබව සතියට දැනගන්නට ලැබී ඇත.
මින් පෙර යෝජනා වී තිබුණේ වසරක සේවා දිගුවක සිටින යුද හමුදාපති ඔක්තෝබර් මස විශ්‍රාම යවා, දැනට යුද හමුදාවේ දෙවැනියා වන මාණ්ඩලික ප්‍රධානි මෙිජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කිරීමටය. ඔහු කාලතුවක්කු රෙජිමෙින්තුවට අයත් නිලධාරියකි. ඔහුගේ පියා වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ද යුද හමුදාපති ධුරය දරා ඇත. එබැවින් සංජය වනසිංහ හමුදාපති ලෙස පත් කෙරැනොත් එය ලෝක වාර්තාවක් වන්නේ ලොව කිසිදු රටකින් එවැනි දෙයක් මින් පෙර වාර්තා නොවු නිසාය.
එනමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ නිර්දේශ මත යකිත් වරක් ගජබා රෙජිමෙින්තුවේ අයෙක් හමුදාපති කිරීමට සරැසෙන්නේ ඔහු සංජය වනසිංහට පෞද්ගලික හේතුන් මත අකැමැති වීම නිසා බව පැවසේ . මෙම නිලධාරියා රාජපක්ෂ පවුලට සමීප අයෙක් වන අතර ජෙනරාල් වනසිංහ එජය නායකයන්ගේ විස්වාසය දිනාගත් අයෙක් වීම මීට එක් හේතුවකි. තවද රෝහණ විජේවීර අල්ලාගෙන භිෂණ සමය අවසන් කළෙේ ද ජෙනරාල් වනසිංහය. රනිල් වික්‍රමසිංහ මුල් වරට අගමැති ව සිටි අවදියේ ආරක්ෂක ලේකමි වුයේද ඔහුය.. 2009දී සංජය වනසිංහට හිමිවියයුතු වීර පදක්කමක් ද ඔහු සමග අමනාප නිලධාරියා නිර්දේශ නොකිරීම හේතුවෙන් එය ඔහුට නොලැබුණි .තවද සංජය වනසිංහගේ මව .යුද හමුදා රෝහලට ඇතුළු කිරීමට රැගෙන ආ වෙලේ ඇට ප්‍රතිකාර කිරීම එකල ගෝඨාභයගේ හිතවාදි හමුදා ප්‍රධානියකු වලක්වා තිබුණි.
හිටපු යුද හමුදාපතිවරයකුගේ බිරිඳ ලෙස ඇ යුද හමුදා රෝහලට ඇතුළු කිරීමට ඒ අවස්ථාවේදී මැදිහත් වි තිබුණේ එකල යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් වු මේජර් ජෙනරාල් ෂවීන්ද්‍ර සිල්වාය. සංජය වනසිංහ ගේ මව අභවපුප්ත වු මොහොතේ යුද හමුදාවේ ශෝකය ප්‍රකාශ කරමින් බැනරයක් ප්‍රදර්ශනය කිරිම ද එකල ආරක්ෂක අමාත්‍යාංශය තහනමි කරතිබුණි
.
සංජය වනසිංහ වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයැවීමෙන්