පාතාලය තුරන් කිරීමේ ටිරාන් අලස්ගේ කතාවට නීතිඥවරුන්ගේ විරෝධය 

  • By editor
  • December 19, 2023
  • 0
  • 200 Views

රටේ නීති පද්ධතියක් ක්‍රියාත්මක වන විට අපරාධකරුවන් තමන්ට කැමැති ආකාරයට තුරන් කිරීමට ශ්‍රී ලංකාව යනු පොලිස් රාජ්‍යයක් නොවන බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිඥවරු අවධාරණය කරති.

පසුගිය දා පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දුටු පමණින් තුරන් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකිමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

රටේ මහජන ආරක්ෂක ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශය ඉතා බරපතල බවත්, ඔවුන් ඊට දැඩි ලෙස විරුද්ධ බවත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ කෞෂල්‍ය නවරත්න පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය 

”රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විසින් පාලනය කරන පාලන ක්‍රමයක් තිබියදී ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේද? නීති පද්ධතියක් තියෙද්දී දැක්ක ගමන් වෙඩිතියලා මිනිස්සුන්ව මරන්න මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි.”

මෙම ප්‍රකාශය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ගැන ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නීතීඥ සංගමය සාකච්ඡා කරනවා. ඕනෑම සැකකරුවකු වෙනුවෙන් පෙනීසිටිය හැක්කේ ඔවුන්ගේ වෘත්තියේ ස්වභාවයෙන් යුත් නීතිඥවරුන්ට බව ගෝලීය වශයෙන් පිළිගත් සම්මතයක්.”

එමෙන්ම හුදු දේශපාලන විරුද්ධවාදීන් යැයි කියා අහිංසක මිනිසුන් පවා මත්ද්‍රව්‍යවලට කොටුකර ඔවුන් නැතිකරන අවස්ථා අනාගතයේදී උදාවනු ඇති බවද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *