පාතාල කල්ලි නායක මිදිගම චූටිගෙ නිවස CID ය වටලයි

  • By editor
  • October 31, 2023
  • 0
  • 99 Views

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක් වන ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නා ගැනීමට සැලසුම් සකස් කළ බව කියන ‘මිදිගම චූටි’ නම් පාතාල සාමාජිකයාගේ නිවස මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කරන බව වාර්තා වේ.

‘හරක් කටා’ ගේ සමීපතමයෙකු වන මිදිගම චූටි ඩුබායි රාජ්‍යට පැනගොස් සිටින අතර එරට සිට මෙම සැලසුම් සියල්ල නිර්මාණය කර තිබෙන බවට වාර්තා වී තිබේ.

හරක් කටා ට පැන යන්න අවස්ථා දෙකක දී කූට උපාය මාර්ගයන් යොදා ගෙන සැලසුම් කළ ද ඒ සියල්ල ව්‍යර්ථ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *