පාතාල නායක මන්නා රමේශ්ට තොරතුරු සැපයූ මාධ්‍යවේදීයා – මාධ්‍ය ආයතනයේ නමත් එක්කම තොරතුරු මෙන්න

  • By editor
  • September 25, 2023
  • 0
  • 483 Views

පසුගිය දා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිරු මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවියට අනුයුක්තව සේවය කළ මාධ්‍යවේදියකු වන හේමන්ත ලියනපතිරණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඩුබායි හී සිටින මන්නා රමේෂ් නමැති අපරාධකරු බවත් ඔහුට රහසිගත තොරතුරු සපයා ඇත්තේ අදාළ මාධ්‍යවේදීයා බවත් තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසෙවෙතත් මීගොඩ ප්‍රදේශයේ දී ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂණ වලදී හෙළී වී ඇත්තේ ඔහුගේ පසුගිය දින කිහිපයේ දී මන්නා රමේෂ්ට දුරකතන ඇමතුම් 18ක් ලබා ගෙන ඇති බවයි.

එමෙන්ම ඔහුගේ බැංකු ගිණුමට මන්නා රමේෂ් අවස්ථා කිහිපයකදී මුදල් බැර කර ඇති බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

සැකකාර මාධ්‍යවේදියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.

මෙම මාධ්‍යවේදීයා මීට පෙර අරුණ පුවත්පතේ සේවය කර ඇති අතර කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව එම පුවත්පතෙන් ඉවත් කර තිබේ.පසුව ඔහු හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය හා සම්බන්ධව රාජකාරියේ යෙදී සිටිය දී මෙම සිදුවීම වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *