ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවේ 2023 වසරේ ජනවාරි 21 වනදාය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා ඊයේ (27) මෙම තීරණය ගත් බව එම සම්මේලනය වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති අතර එතෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් දැක්වේ .
පාපන්දු තහනම ඉවතට
-
By editor
- August 28, 2023
- 0
- 118 Views
You Might Also Like
-
November 30, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලි ලැයිස්තුව මෙන්න
-
November 30, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
November 24, 2023
ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට අලුත් නීතියක්