පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටි ඇණ ගත් ඇමතිනීට සහ මන්ත්‍රීවරුන්ට ලැබෙන දඩුවම මෙන්න

  • By editor
  • October 31, 2023
  • 0
  • 104 Views

පසුගිය දා ආන්දෝලනයකට තුඩු දුන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු වූ උණුසුම් තත්වයට හේතු වූ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය හා අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු කටයුතු සතියකට තහනම් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කිරීමට කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය

ඒ අනුව එම වාර්තාව නොබෝ දිනකින් කතානායකවරයා වෙත ලැබෙනු ඇති අතර අනතුරුව මෙකී ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය විසි වෙනිදා මෙම බැට හුවමාරුව පාර්ලිමේන්තුවේදී සිදුවූයේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන තිදෙනා අතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *