පාර්ලිමේන්තු සේවකයින්ගේ තටු කපයි

  • By editor
  • December 23, 2023
  • 0
  • 354 Views

මේ වනවිට මෙරට පවතින ආර්ථික ගැටළුව සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික  වියදම් සීමා කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වේ

ඒ අනුව පාර්ලිමේන්තුවේ සේවකයන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට මෙතෙක් නිකුත් කෙරෙන බස් ගමන් බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කෙරේ.

එසේම පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කළ හැක්කේ කෝටි හතරක් පමණක් බව මහා භාණ්ඩාගාරය වැඩිදුරටත්  දැනුම්දී ඇතැයිද වාර්තාවේ.

ඒ අනුව මේ වර්ෂය සඳහා නිකුත් කෙරුණු බස් ගමන් බලපත්‍රය ලබන මස 2 වැනිදාට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බාරදෙන ලෙස දැනුම් දෙමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා  චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එසේ බාර නොදෙන්නේ නම් දඩ මුදලක් අය කෙරෙන බවද  එම චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ලංගම බස් රථ නවයක් දැනට නොමිලයේ  යෙදවෙන අතර එය දිගටම ක්‍රියාත්මක කෙරෙන බව දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන් වර්ෂ අවසානයේදී  අතිරේක දීමනා ගෙවීමද මේ වසරෙන් පසු නතර කිරීමට රජය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *