පාරිභෝගිකයන්ට පහර දෙන පෞද්ගලික බැංකුව මෙන්න – මගෙන් රටට සංවිධානය හෙළි කරයි

  • By editor
  • October 21, 2023
  • 0
  • 247 Views

හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ගේ දේපළ බොහෝ ප්‍රමාණයක් පවරාගනිමින් දේපළ වෙලදාමේ යෙදෙන බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සදහන් කරයි.

ජනවාරි මස සිට අගෝස්තු මස වනවිට ලංකාවේ බැංකු මගින් ව්‍යාපාරිකයන්ගේ දේපළ 143 වෙන්දේසි කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් වෙන්දේසි කර ඇත්තේ HNB බැංකුව විසින් බවත් හෙතෙම පෙන්වා දේ.

ඒ ආකාරයෙන් දේපළ පවරාගෙන ඇති බොහොමයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ගේ දේපළ වන නමුත් මහ පරිමාණ ව්‍යවසාකයින්ගේ ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ඔහු පැවසීය.

මෙලෙස දේපළ පවරාගෙන වෙන්දේසි කිරීමේ පනත ලංදේසි සමයේ පිහිටුවා ඇති පනතක් බැවින් එය ස‍ංශෝධනය වියයුතු අතර එලෙස එම පනත සංශෝධනය වනතෙක් තම සංවිධානය සටන් කරන බවත් සංජය මහවත්ත සදහන් කළේය.

එසේම පසුගිය දිනක මෙම බැංකුවට පැමිණි පාරිභෝගිකයෙකු VIP ආසනයක අසුන් ගත් බව සදහන් කරමින් එම පාරිභෝගිකයාට බැංකු නිලධාරීන් විසින් බැන වැදී ඇති බවද සදහන් කළ ඔහු තවත් අවස්ථාවන් වල දී මෙම HNB බැංකු නිලධාරීන් පාරිභෝගිකයන්ට පහර දී තිබෙන බවත් හෙළි කළේය.

මේ පිළිබඳ අදාළ බැංකුව සමග සාකච්ඡා කිරීමට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳ තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *