පාසල් ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු – විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක්

  • By editor
  • March 17, 2024
  • 0
  • 66 Views

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඒ පිළිබද විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බව ද හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවය.

පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේය.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *