පාසල් රග්බි පුහුණුකරු මත්කුඩු සමග දැලේ

  • By editor
  • January 24, 2024
  • 0
  • 47 Views

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුකරුවෙකු හෙරොයින් 02g ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නැමැති අයෙකු වන අතර ඔහු අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇති මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පලාආ අයෙකු බවටයි වැඩිදුර විමර්ශන වලදී පොලිසිය වෙත අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *