ජුනි 19 වනදා සිට ජූලි 04 වනදා දක්වා රුහුණු කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය හේතුවෙන් කතරගම පාසල් තුනක් වසාදැමීමට තීරණය කර තිබේ.
පෙරහැර මංගල්‍යය සඳහා විශේෂ රාජකාරියට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ, අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල සහ දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිත බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.