එළැඹෙන විසි එක් වෙනි දාට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකසන බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු සදහන් කළේය.
එදිනට පාස්කු ප්‍රහාරය සිදු වී වසර හතරක් සපිරෙන අතර කාදිනල්තුමා මේ බව සදහන් කරනු ලැබුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක් අතරතුරේදී ය.
සියලුම ජනතාව මෙම ජන පවුර සඳහා එක් වන්නැයි තමන් ඉල්ලා සිටින බවද රදගුරුතුමන් කියා සිටියහ.
අප්‍රේල් 21 වන දා පෙරවරු 08.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මෙම ජන පවුර මගින් පාරේ ගමන් කරන පුද්ගලයන්ට හෝ වාහන වලට බාධාවක් සිදු නොවන බවත් මීගමු කොළඹ මහාමාර්ගයේ පාර දෙපස සිටගෙන සිටීම පමණක් සිදුකරන බවත් අගරදගුරුතුමන් සදහන් කර තිබේ.