පාස්කු ප්‍රහාර සමයේ තහනම් කළ සංවිධාන 05ක ට වුණ දේ

  • By editor
  • July 27, 2023
  • 0
  • 71 Views

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජාතික ආරක්ෂාව, මහජන සාමය හා නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස 2021 වසරේ අප්‍රේල් මස 13 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ සංවිධාන 11ක් තහනම් කර තිබුණි.

වැඩිදුරටත් වාර්තාවන්නේ එම සංවිධාන අතරින් එක්සත් තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන සඳහා පනවා තිබූ තහනම මෙලෙස නව ගැසට් නිවේදනය හරහා ඉවත් කර ඇති බවය.

ඊට අදාල ගැසට් නිවේදනය පහළින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *