පාස්කු ප්‍රහාර සිද්ධියේ ‘සාරා’ මිය යයි – DNA මගින් තහවුරුයි

  • By editor
  • March 29, 2023
  • 0
  • 103 Views

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් මිය ගොස් ඇති බවට අද තහවුරු විය.

කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කල බව කියන මොහොමඩ් හස්තුන්ගේ බිරිද වන ඇය සයින්දමරුදු ප්‍රදේශයේ ඇති වූ සිදුවීමෙන් නිවසක මිය ගිය පුද්ගලයින්ගෙන් එක් අයෙක් බවට තොරතුරු අනවරණය විය. එහෙත් ඇය එම සිදුවීමෙන් මියගියේ ද යන්න සැකයකට තුඩු දුන් කරුණක් විය.

ඒ හේතුවෙන් ඇය සත්‍යලෙසම මියගියේ ද යන්න සොයා බැලීමට ඩීඑන් ඒ පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණ නියෝග මත මෘත දේහය ඉකුත් වසරේ යලි ගොඩගනු ලැබිණි. එහි වාර්ථාව පිලිබද තොරතුරු අනාවරණය කරමින් සාරා ජස්මින් සත්‍යලෙසම මියගොස් ඇති බවට පොලිසිය කරුණු වාර්තා කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *