පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ නම් නවතම දේශපාලන පක්ෂය මැයි 22 වෙනිදා (ජනරජ දින) ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිත ය.
ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ ගෙන, ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම් ව රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගෙන ‘ජනරජ පෙරමුණ’ බිහි වන බවට වාර්තා කර තිබේ.
එමෙන්ම එම පක්ෂයේ ලාංඡනය පැන්සල වේ.