පියාණෝ ගැන සජිත් දැන් කියන කතාව

  • By editor
  • June 8, 2023
  • 0
  • 81 Views

තමන්ගේ පියා කරපු හැම දෙයක්ම නිවැරැදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද දිනේශ් ගුනවර්ධනට පිළිතුරු ලබාදෙමින් සදහන් කළේය.

තමන් රණසිංහ ප්‍රේමදාස නම් තම පියා කරපු හැම දෙයක්ම අනුගමනය කරමින් ඒවා කරන පුතකු නොවන නමුත් පියා විසින් සිදුකළ හොද ක්‍රියා පමණක් තමන් ඉදිරියට ගෙනයන බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මෙසේද සඳහන් කළේය.

මම දන්නෙ නෑ ඔබතුමාගේ පුතා ඔබතුමා කරන හැම දෙයක්ම කරනවද කියලා. මම නම් එහෙම කරන්නේ නැහැ. මම ස්වාධීන පුද්ගලයෙක්.මට ස්වාධීන හිතක් ස්වාධීන මනසක් තියනවා. මගේම හදවතක් හෘද හෘදසාක්ෂියක් තියෙනවා. පාසල් දරුවන්ට දිවා ආහාරය දීම රණසිංහ ප්‍රේමදාස දිවංගත මගේ පියා කරපු හොඳ වැඩක්. ඔබතුමා මගේ පියා වෘත්තිය සමිති නායකයන්ට කරපු දෙයක් කිව්වා. ඔබතුමා කියන්නේ එතකොට මමත් යන්න ඕන ඒ පාරේද. ඒකද කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *