පිරමීඩ් විල්මා සමාගම නැවත සීනි බදු වංචාවක

  • By editor
  • November 2, 2023
  • 0
  • 96 Views

මෙරට මහ පරිමාණ සීනි ආනයන සමාගමක් වන පිරමිඩ් විල්මා (pyramid wilmar) ආයතනය විසින් මීට දින කිහිපයකට පෙර සීනි මෙට්‍රික් ටොන් 18000 ක් මෙරටට ආනයනය කර ඇති අතර මේ වනවිට එය කොළඹ වරායෙන් පිටතට ගැනීමේ ක්‍රියාවලිය අවසන් කරමින් පවතී.

එම සීනි තොගය මේ ආකාරයෙන් කොළඹ වරායෙන් පිටතට ගැනීමේ ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණි විසග ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ආනයනික සීනි සදහා රුපියල් 50ක බද්දක් අය කිරීමට රජය මගින් කටයුතු කෙරිණි.

ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබීය.

කෙසෙවෙතත් එම හේතුවෙන් අදාළ සමාගම විසින් ගෙන්වූ සීනි මෙට්‍රික් ටොන් 18000ට එම බදු මුදල අදාළ නොවන බව වාර්තා වේ.

මෙහිදී සුවිශේෂීම කාරණය වන්නේ මෙම පිරමිඩ් විල්මා සමාගම විසින් මේ ආකාරයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ද සීනි මෙට්‍රික් ටොන් 18000ක් ගෙන්වූ අතර එම සීනි තොගය ද වරායෙන් නිදහස් කරගැනීමෙන් පසුව සීනි සදහා බද්දක් නියම කළේය.

මේ ආකාරයෙන් එම ව්‍යාපාරිකයාට පමණක් බදු සහන ලබා දීම පිටුපස ඉහළපෙළේ දේශපාලන බලවතුන් සිටින බවට ව්‍යාපාරික ප්‍රජාව චෝදනා නගති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *