පිරමීඩ ජාවාරම්කරුවන් වරෙන්තු නැතුව අත්අඩංගුවට

  • By editor
  • August 26, 2023
  • 0
  • 233 Views

නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන්නන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර ඇත.

එක්තරා පුවත් වෙබ් අඩවියක් ඒ බව උපුටා දක්වමින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ එම වැරදි කරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශකයෙක් සඳහන් කළ බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම නීත්‍යානුකූල ඒවා බව හුවා දැක්වීම සඳහා විවිධ උපක්‍රම යොදමින් ඇති බව නිරීක්ෂණය වන බව ද ඔහු සදහන් කර ඇත.

මෙම පිරමීඩ ක‍්‍රම වෙනුවෙන් පෙනී සිටින්නන් සම්බන්ධයෙන් මහජනතාව විසින් මහ බැංකුවට පැමිණිලි කර ඇති බවද පැවසූ ඔහු මාර්ගගත ක්‍රම හරහා මෙම යෝජනා ක්‍රම නීත්‍යානුකූල බව පෙන්වීමට කූට ලෙස කටයුතු කරන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *