පිල්මාරුව නිසා සජබය ඇතුළේ කචල්

  • By editor
  • January 8, 2024
  • 0
  • 60 Views

මේ වනවිට පාර්ලිමේන්තුවේ පිල්මාරුව හේතුවෙන් සජබය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දින කිහිපය තුළ ම විපක්ෂයේ දේශපාලඥයින් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සමගි ජන බලවේගය හා එක්වූ අතර එම හේතුවෙන් සජබය තුළ ගැටළු උද්ගත වී ඇති බව් වාර්තා වේ.

ඊට මුලික හේතුව වී ඇත්තේ නව මන්ත්‍රීවරුන් එක්වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය සඳහා පවතින තරගය උග්‍ර වීම බව සඳහන්ය.

පසුගිය දිනක සජබයට එක් වු නාලක ගොඩහේවා සහ හර්ෂ ද සිල්වා සමග ද යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුණ බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *