පුටින් ඇමරිකාවට ඇගිල්ල දික් කරයි

  • By editor
  • November 1, 2023
  • 0
  • 54 Views

මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ කරන්නැයි රුසියාව, ඊශ්‍රායලයටත් හමාස් සංවිධානයටත් බල කරද්දී, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දෙමින් පෙන්වා දෙන්නේ මේ මොහොතේ අවශ්‍ය සටන් විරාමයක් නොව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *