පුටුව අතාරින්න බෑ – ශම්මි සිල්වා දැඩි තීරණයක

  • By editor
  • November 5, 2023
  • 0
  • 108 Views

තමන් නීත්‍යානුකූලව පත්වූ සභාපතිවරයා බැවින් කිසිසේත්ම සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කර තිබේ.

එසේම තම කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වා ඇති බවත් ඇතැම් අවස්ථාවල පරාජයන්ද ලබා ඇති බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය බවත් ඔහු පවසා ඇත.

ක්‍රිකට් ආයතනයේ ලේකම් වරයා ඉල්ලා අස්වීමෙන් පසු සභාපතිවරයාද ඉල්ලා අස්වෙන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *