පුටුව රැකගන්න හිටපු ආණ්ඩුකාරවරුන් දේශපාලන නායකයින් පසුපස

  • By editor
  • May 8, 2023
  • 0
  • 83 Views

වයඹ පළාත, සබරගමුව පළාත, උතුරු හා නැඟෙනහිර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීමට නියමිතව තිබේ.

හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී පී.එස්.එම්. චාල්ස් යන අය ඒ සදහා නිර්දේශිත වී ඇති බවට වාර්තා වේ.

වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර ආණ්ඩුකාරිණී අනුරාධා යහම්පත්, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජාට දැනටමත් සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබේ.

එහෙත් ඇතැම් ආණ්ඩුකාරවරුන් තම ධුරය රුකගැනීම සඳහා විවිධ දේශපාලන නායකයන් පසුපස යමින් මෙම තීරණය වෙනස් කරවා ගැනීමට තැත් කරන බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *